"ෆුඩ්බෝල් ෆ්‍රයිඩේ" ක්‍රියාත්මකයි; අමාත්‍ය නාමල්

පෙබ 20, 2021

    "ෆුඩ්බෝල් ෆ්‍රයිඩේ" වැඩසටහන කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ ආරම්භ කෙරිණ.

    සමාරම්භය සිදුවූයේ, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන්. පවතින කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ පසුගිය කාලය පුරා ජනතාවට නිවෙස් තුළටම වී කාලය ගත කිරීමට සිදුවිය. එම නිසා බොහෝ පිරිසකට සිය යහපත් සෞඛ්‍ය වෙනුවෙන් ශාරිරික ව්‍යායාම්වල හා ක්‍රීඩා කටයුතුවල යෙදීමට අවස්ථාව හිමිවුයේ නැත.

    මේ තත්වය අවබෝධ කරගත් ක්‍රීඩා අමාත්‍යවරයා ජනතාවට සිය ශාරීරික සෞඛ්‍ය වැඩිදියුණු කර ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වල යෙදීමේ අවස්ථාව හිමිකර දී තිබේ. එහි පළමු අදියර ලෙස සයික්ලින් සන්ඩේ ලෙස වැඩසටහනක් ආරම්භ කෙරිණ. එය සෑම ඉරිදා දිනකම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.

    ෆුඩ්බෝල් ෆ්‍රයිඩේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණේ එරහි දෙවැනි අදියර ලෙසයි. සමාරම්භක දිනයේ සවස 6.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කොළඹ තුරග තරග පිටියේදී වැඩසටහන පැවැත්විණ.

    අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සහ හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්, හිටපු ජාතික පාපන්දු ක්‍රීඩකයින් ඇතුළු විශාල පිරිසක් මීට එක්වූහ. මෙය සෑම සිකුරාදා දිනකදීම පැවැත්වීමට නියමිතයි.

    Latest News