ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කෙරේ - සභාපති අරවින්ද

පෙබ 05, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අද දින පත්කර තිබේ.

    එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර පත්කර ඇත.

    එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබා දීමයි.

    Latest News