ජෝ රූට්ගෙන් ද්විත්ව ශතකයක්

ජන 16, 2021

    ශී‍්‍ර ලංකාවේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු එංගලන්ත පිතිකරුවා ලෙස නායක ජෝ රූට් අද වාර්තා පොතට එක්විය.

    ඒ, ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී.

    එංගලන්තය පළමු ඉනිම සදහා සියලූ දෙනා දැවී ලකුණු 421ක් රැස් කළ අතර එහිදී නායක ජෝ රූට් අගනා ඉනිමක් කී‍්‍රඩා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 228 ක්. ජෝ රූට් අද වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිවුවන ද්විත්ව ශතකයයි. ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කිරීමටද ඔහු සමත්විය.

    ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 135ක් රැස් කළ අතර, එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම 421යි. ඔවුන් ලකුණු 286 ක් ඉදිරියෙන් සිටි.

    දෙවැනි ඉනිම තරඟ කරන ශ්‍රී ලංකා පිල අද තරගය නතර කරන විට ලකුණු 156ට කඩුලු දෙකයි. ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 76ක් රැස් කරගැනිමට සමත්විය. කුසල් ජනිත් ලකුණු 62යි.

    ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන තරගයේ 3 වන දිනය අදයි.

    Latest News