සුපිරි - ජාතික මළල ක්‍රීඩා සංචිත දෙකට 41ක්

ජන 07, 2021

    ක්‍රීඩක ක්‍රීඩිකාවන් 41 දෙනෙක්ට සීමා කරමින් සුපිරි හා ජාතික මලල ක්‍රීඩා නව සංචිතයේ නේවාසික පුහුණුවීම් තව නොබෝ දිනකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු යොදා තිබේ.

    ඒ අනූව, 98 වැනි එහි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතා අනූව නි‍ර්දේශ කළ ජාතික හා සුපිරි මලල ක්‍රීඩා සංචිත ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියට යොමුකර තිබේ.

    සුපිරි මලල ක්‍රීඩා සංචිතය තවදුරටත් ස්ථාපිත කර ඇත්තේ ලබන මැයි 20 සිට 23 වැනිදා දක්වා චීනයේ හැංග්ෂූ නුවර දී පැවැත්වෙන 24 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය හා ජුලි 23 වැනිදා ජපානයේ දී ආරම්භ වන ගිම්හාන ඔලිම්පික් උලෙල ඉලක්ක කරමින්.

    මේ වන විට මීටර 3000 බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානි රත්නායක හා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා දෙවැනි පෙළ සුදුසුකම් ලබාගැනීමේ ආසන්නතම කඩඉමට ළගාවී සිටියි.

    Latest News