ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තුවක්

ජන 05, 2021

    ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 150 ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනය වූ ඊයේ (04 ) සවස තරගය නිමා කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 150 ක් රැස් කර සිටියේය.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු පිලට වඩා ලකුණු 5 ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු 6 ක් අත තබාගෙනයි.

    කෙසේ වෙතත් තරගයේ තෙවැනි දිනය වන අද (05) දිනයේ දී ඉතිරි කඩුලු ආරක්ෂා කර ගනිමින් තවත් ලකුණු 225 කට වඩා ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට පිතිකරුවන් සමත් වුවහොත් ජයග්‍රහණය ගැන බලාපොරොත්තුවක් රඳවා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට උදාවනු ඇති.

    ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු අතරට පැමිණ සිටින නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 91 ක් ලබා ගත්තේය.

    මෙය දිමුත් කරුණාරත්න දකුණු අප්‍රිකානු තණතීරුවක රැස් කර තිබෙන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් වේ.

    නායක දිමුත් සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙල් ලකුණු 41ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩුල්ලේ රැඳී සිටින නිරෝෂන් දික්වැල්ල ලකුණු 18 ක් ලබා සිටියි.

    Latest News