ශ්‍රී ලංකා-ද. අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද

ජන 04, 2021

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

    තරගය පැවැත්වෙන්නේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී.

    අද තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 148ක් රැස් කරගෙන සිටියේය. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 302ක් ලබාගත්තේය. ඩීන් එල්ගා ලකුණු 127යි.

    විශ්ව ප්‍රනාන්දු කඩුලු 5ක් බිඳ හෙළීය. සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තේය. ශ්‍රී ලංකාව අද පස්වරුවේ සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය. තරගයේ තෙවැනි දිනය හෙටයි. තරගය ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ සජිව ලෙස විකාශය කෙරේ.

    Last modified on අඟහරුවාදා, 05 ජනවාරි 2021 09:27

    Latest News