එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ජන 03, 2021

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 14 වැනිදා ආරම්භ වේ.

    එය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් සමන්විතයි. තරගාවලියට සහභාගි වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද මෙරටට පැමිණියේය. එහි නායකත්වය දරන්නේ ජොයිරූට් විසින්.

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 34ක් පවත්වා ඇති අතර, ඉන් 15ක් ජය ගැනීමට එංගලන්තය සමත්විය. ශ්‍රී ලංකාව දිනාගත් තරග සංඛ්‍යාව 8ක්. තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

    තරගාවලියේ පළමු තරගය මේ මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වාත්, දෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වැනිදා සිට 26 වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිතයි. එය අයි නාලිකාව ඔස්සේ සජීවිව විකාශය කෙරේ.

    Last modified on ඉරිදා, 03 ජනවාරි 2021 12:39

    Latest News