ශ්‍රී ලංකා-ද.අප්‍රිකා අවසන් ටෙස්ට් තරගය අද

ජන 03, 2021

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ජොහැනස්බර්ග් හිදි අද (03) ආරම්භ වේ.

    දෙරට අතර පැවති පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 45කින් ජය ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් විය. ශී‍්‍ර ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ ප‍්‍රබල කී‍්‍රඩකයින් පස් දෙනෙකු නොමැතිවයි. දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, ඕෂධ ප‍්‍රනාන්දු සහ කසුන් රාජිත ආබාධවලට ලක්වීම හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයට කී‍්‍රඩා නොකරන බව නායක දිමුත් කරුණාරත්න වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ මාධ්‍ය අමතමින් පැවසීය.

    අවසන් තරගය චැනල් අයි නාලිකාව ඔස්සේ දහවල් 12.30ට විකාශය කෙරේ.

    Latest News