ඇමති හරීන්ගේ විශේෂ හෙලිදරව්වක්

ජන 22, 2019

    ශ්‍රී ලංකා “ඒ“ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙකු ඇතුළත් කරගැනීම සඳහා තමාට රුපියල් ලක්‍ෂ 10ක අල්ලසක් ලබාදීමට පුදිගලයෙකු උත්සාහ කළ බව, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

    ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන බවයි.

    අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා -“මම හැමෝමත් එක්කම බොහොම සුහදව කතා කරනවා. එහෙම කතාකරනකොට හැමෝම හිතනවා ඕනෑම දෙයක් කියන්න පුලුවන් කියලා. මම මේ පුද්ගලයා මුණ ගැහිලා තියෙන්නේ මඟුල් ගෙදරකදී. අහම්බෙන් හමුවුණා දෙපාරක් විතර. ක්‍රීඩා අමාත්‍යවරයා වුණාට පස්සේ ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් එතුමා මට ගොඩක් විස්තර වට්සප් කරන්න පටන් ගත්තා. ඒවා කතා කරන අතරතුර දී පුද්ගලික උදව්වක් ලබාගෙන ආවා දවසක්. මොකක්ද කියලා ඇහුවම කිව්වා ක්‍රීඩකයෙක් ගැන කියලා. ඊළඟ දවසේ උදේ ඒක පුලුවන්ද කියලා ඇහුවා. මොකක්ද කියලා ඇහුවම ලක්‍ෂ 10ක් ඕකේ හෙට කියලා. ඒ ගැන මට ගොඩක් කණගාටු හිතුණා එතුමා මාවත් ඒ තත්වයට ගත්ත එක ගැන. මං ආදරය කරන ක්‍රීඩාවට මම එහෙම දෙයකට කැමති වුණේ නැහැ.

    මේක සමහරවිට සැලසුම් සහගත දෙයක් වෙන්නත් පුලුවන් කියලා මට විශ්වාස වුණා. සමහර විට මාව කොටුකර ගැනිමේ චේතනාවෙන් මේ දේශපාලන වෛරයෙන් කළා කියලා හිතුනා. මැසේජ් තියෙනවා. මම කට වචනයෙන් කියපු දෙයක් නොවෙයි.

    වැරදීමකින් හෝ එතුමාට ඒ දේ කරන්න කියලා උසිගැන්වීමක් කළානම් ඒ සියලු දේවල් සම්න්ධයෙන් පරීක්‍ෂණයක් කිරිම සාධාරණයි. මම ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැවරුවේ නැහැ. මමත් බයවුණා මටත් දවසක මේ චෝදනාව එයි කියලා. එතුමාට තවම අවස්ථාව තියෙනවා මේ සම්බන්ධයෙන් ඇත්ත කියලා මේක පිරිසිදු කරන්න. මේ වංචාව සම්බන්ධයෙන් අල්ලසක් දීම ලොකු වරදක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව කරනම් ආයිත් පාරක් මේක නොකර ඉදියි කියලා මම විශ්වාස කරනවා. මම උත්තරයක් විහිළුවක් හරි කරලා මම යැව්වනම් මේක මගේ ජිවිතේ නරකම දවස වෙන්න තිබුණා.“ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

     

    Latest News