දිමුත් ලෝක ටෙස්ට් කණ්ඩායමට

ජන 22, 2019

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් කණ්ඩායමට තෝරා ගැනේ.

    2018 වසරේ ජාත්‍යන්තර ටේස්ට් පිටියේ දැක්වූ දක්ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් වසරේ එක්දින සහ ටෙස්ට් කණ්ඩයම් අද ප්‍රකාශයට පත් කෙරිණ. පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියේ දිමුත්ගේ දක්ෂතා මේ සඳහා ඉවහල් වී තිබේ. එම තරගාවලියේ එක් තරගයකදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 287න් 158ක් දිමුත් ලබා ගැනීම ඔහුගේ ශ්‍රේණිගත කිරීම් ඉහල යෑමට හේතු වී ඇත.

    මෙම තෝරාගැනීමට අනුව එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් දෙකේම නායකත්වය විරාත් කෝලිට හිමිව තිබීම විශේෂත්වයකි. දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 56ක් ක්‍රීඩා කොට ඉනිම් 109 කදී ලකුණු 3894ක් ලබා ඇත. ඉහලම ලකුණු 196ක් ලබා ඇති ඔහුගේ ටෙස්ට් පිතිකරණයේ සාමාන්‍ය 37.09කි. ප්‍රසාද ලකුණු 715ක් ලබා ඔහු ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයේ පසුවේ.

    වසරේ ICC පිරිමි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම (පිතිකරණ අනුපිළිවෙලට)

    1. ටොම් ලේතම් (නවසීලන්තය)
    2. දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව)
    3. කේන් විලියම්සන් (නවසීලන්තය)
    4. විරාත් කෝලි (ඉන්දියාව) (නායක)
    5. හෙන්රි නිකොල්ස් (නවසීලන්තය)
    6. රිෂ්භ් පාන්ට් (ඉන්දියාව)(කඩුලු රකින්නා)
    7. ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දිය කොදෙව්)
    8. කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව)
    9. නේතන් ලියොන් (ඕස්ට්‍රේලියාව)
    10. ජස්ප්‍රිට් බුම්රාහ් (ඉන්දියාව)
    11. මොහොමඩ් අබ්බාස් (පාකිස්තානය)

    වසරේ ICC පිරිමි එක්දින ක්‍රිකට් කණ්ඩායම (පිතිකරණ අනුපිළිවෙලට)

    1. රෝහිත් ශර්මා (ඉන්දියාව)
    2. ජොනී බෙයිස්ටෝර්ව් (එංගලන්තය)
    3. විරාත් කෝලි (ඉන්දියාව) (නායක)
    4. ජෝ රූට් (එංගලන්තය)
    5. රොස් ටේලර් (නවසීලන්තය)
    6. ජොෂ් බට්ලර් (එංගලන්තය)(කඩුලු රකින්නා)
    7. බෙන් ස්ටෝක්ස් (එංගලන්තය)
    8. මුෂ්‍ෆිකර් රහීම් (බංග්ලාදේශ්)
    9. රෂීඩ් ඛාන් (ඇෆ්ගනිස්තානය)
    10. කුල්දීප් යාදව් (ඉන්දියාව)
    11. ජස්ප්‍රිට් බුම්රාහ් (ඉන්දියාව)

    Latest News