ටෙස්ට් තරගයකදී ඉන්දිය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙයි

දෙසැ 20, 2020

    ටෙස්ට් තරගයකදී ඉන්දිය කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද (19) වාර්තා විය. ඒ ඕස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ් හිදී පැවැත්වෙන තරගයේදීයි.

    ඉන්දියානු කණ්ඩායමේ අවසන් පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් සිටි මොහමඩ් සාමී, පැට් කමින්ස් ගේ පන්දුවක් ඇගේ වැදීමෙන් පිටියෙන් ඉවත්වන විට ඉන්දීය ලකුණු පුවරුව දිස් වුයේ ලකුණු 36ක් ලෙසයි.

    ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉණිම අවසන් වූ අතර මේ දක්වා ඔවුන් ටෙස්ට් තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා පොත් අතරට එක්විණ.

    පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු වේග පන්දු ක්‍රීඩක ජෝෂ් හේසල්වුඩ් පන්දු ඕවර 5ක් යවා ලකුණු 08 කට කඩුලු 05ක් දවා ගනු ලැබීය. පැට් කමින්ස් ලකුණු 21 කට කඩුලු 04 ක් දවා ගනිමින් එක් ඉන්දීය පිතිකරුවෙකුට හෝ ලකුණු 10 සීමාව පසු කිරිමට ඉඩ දුන්නේ නැත.

    මිට පෙර ඉන්දියාව ටෙස්ට් තරගයකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකෙන්නේ 1974 වර්ෂයේ එංගලන්තය සමග පැවති තරගයේ දී වාර්තා කළ ලකුණු 42යි.

    Last modified on ඉරිදා, 20 දෙසැම්බර් 2020 11:31

    Latest News