LPL ලකුණු සටහනේ පෙරමුණ ජැෆ්නා ස්ටැලියන්ස්ට

දෙසැ 04, 2020

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්ව සිටී.

    තරගාවලිය පැවැත්වෙන්නේ හම්බන්තොට, සුරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. ඊයේ ප්‍රථම තරගය ලෙස පැවැත්වුණේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරගයයි.

    මුලින් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කළේය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 56යි. ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 5ක් අතැතිව තරගයේ ජය හිමිකර ගැනීමට සමත්විය.

    අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 84ක් සහ මිනෝද් භානුක ලකුණු 40ක් ලබාගත්තේය.

    Latest News