දියාගෝ මැරඩෝනා සමුගනී

නොවැ 28, 2020

    ලක්‍ෂ සංඛ්‍යාත ආර්ජන්ටිනා වැසියන්ගේ සෝ සුසුම් මැද සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ(27) සිදු කර තිබේ.

    ඒ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර දීය. 1986 වසරේ ලෝක කුසලාන පාපන්දු ජය ආර්ජන්ටිනාවට ගෙන දෙමින් මැරඩෝනා සිදු කළ වික්‍රමය එරට ජනතාව අදටත් ඉතා ගෞරවයෙන් සිහිපත් කරනු ලැබේ. ඔහුගේ දේහය, අවසන් බුහුමන් සදහා ජනාධිපති මන්දිරයේ තැන්පත් කර තිබුණි.

    ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ තිබුණ ද අවසන් කටයුතු සිදු කිරීමේ වේලාව එළඹීම හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසකට දේහය දැක බලා ගැනීමට අවස්ථාව නොලැබුණු බව වාර්තා වේ. කොරෝනා වසංගත තත්ත්වය හේතු කොට ගෙන පවුලේ ඥාතීන් අවසන් ගෞරව දැක්වීමේ උත්සවයක් සදහා කැමැත්ත ලබා දී නොතිබුණි.

    ඒ අනුව මැරඩෝනාගේ දේහය ඔහුගේ දෙමාපියන්ගේ සොහොන් පිහිටි බෙලාවිස්ටා සුසාන භූමියේ දී මිහිදන් කරනු ලැබීය.

    Latest News