LPL දෙවැනි ජය ජැෆ්නා ස්ටැලියන්ස්ට

නොවැ 28, 2020

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (27) සමත් වුණා.

    ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. තරගය පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී. 

    තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය අවසානයේ ඔවුන් රැස්කලේ කඩුලු 8ක් දැවී ලකුණු 175ක් පමණයි. නායක අෆ්රිඩ් පන්දු 23කින් හයේ පහර 6ක් සහ හතරේ පහර 3කින් වේගවත් ලකුණු 58ක් ලබාගත්තා. ධනුෂ්ක ගුණතිලක ද ලකුණු 38යි.

    පන්දු යැවීමේ දී ඩුවාන් ඔලිවියර් ලකුණු 44කට කඩුලු 4ක් සහ වනිදු හසරංග ලකුණු 12කට කඩුලු 2ක් බිද හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

    අගනා ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 63 කින් ලකුණු 92ක් රැස් කළේ හයේ පහර 7ක් ද ඉනිමට එක් කරමින්ය. ෂොයිබ් මලික් නොදැවී ලකුණු 27ක් ලබා ගත් අතර, ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 110කි. පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර් සහ මොහොමඩ් ශිරාස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

    තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු යි.

    Latest News