LPL පළමු ජය කලම්බෝ කිංග්ස් කණ්ඩායමට

නොවැ 27, 2020

    ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

    ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි. තරගයේ ලකුණු සම වූ අතර, සුපිරි පන්දුවාරයේ ජය කලම්බෝ කිංග්ස් කණ්ඩායම දිනා ගැනිමට සමත් වුණා.

    තරගය ඊයේ රාතී‍්‍රයේ පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේදීයි. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 3ක් දැවී ලකුණු 219 ක් රැස් කිරීමට සමත් වුණා. නායක කුසල් ජනිත් ලකුණු 87යි.

    පිළිතුරු ඉනිම සදහා කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන දිනේෂ් චන්දිමාල් සහ ලෝරි ඉවන්ස් පළමු කඩුල්ලට ලකුණු 64ක සබදතාවක් ගොඩනැගුවා.

    දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් ලබාගැනිමට සමත්වුණා. ඉසුරු උදාන නොදැවී ලකුණු 34යි. ඔහු ලකුණු 2ක් ලබා සිටියදී කුසල් මෙන්ඩිස්ට ලබාදුන් පහසු උඩ පන්දුව ගිලිහීයාමද කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ජයග‍්‍රහණයට ඉවහල් වුණා.

    සුපිරි පන්දු වාරයේදී කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස් කර ගැනීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට සුපිරි පන්දුවාරයේදී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 12ක් පමණයි. අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජයග‍්‍රහණය සදහා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ලකුණු 6ක් ලබාගත යුතුව තිබූ අතර ඉසුරු උදාන යැවූ එම පන්දුවාරයේ අවසන් පන්දුවේදී කුසල් ජනිත් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

    තරගයේ වීරයා කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්. ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගය තිසර පෙරේරා නායකත්වය දරන ජෆ්නා ස්ටැලියන්ස් සහ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර අද රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතයි.

    ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය කි‍්‍රඩාංගණයේ සිට නැරඹීමට කී‍්‍රඩා ලෝලීන්ට අවස්ථාව හිමි නොවන අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් යූ ටියුබ් චැනලය ඔස්සේ සියලූ තරග සජීවී නැරඹීමට කී‍්‍රඩාලෝලින්ට අවස්ථාව සලසා තිබෙනවා.

    Latest News