කුසල්ගේ තත්වය බරපතල නොවේ

ජන 18, 2019

    පන්දු රැකීමේදී ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ගේ තත්වය බරපතල නොවන බව කණ්ඩායම් කළමනාකරු ජෙරී වවුටර්ස් පවසයි.

    කුසල් මෙන්ඩිස් මෙම ආබාධයට ලක් වූයේ ඊයේ (17) ආරම්භ වූ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර තුන් දින පුහුණු තරගයේ දී ය.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජැක් ඩෝරාන් ගේ ස්වීප් පහරක්, ෂොර්ට් ලෙග් ස්ථානයේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ වැදී දකුණු අතේ මුදු ඇඟිල්ලට හානි සිදු විය. ඔහු දිනය පුර ප්‍රතිකාර සඳහා පිටියෙන් ඉවත් වී සිටියේය. ආබාධයට ලක්වූ ඇඟිල්ලේ අස්ථි බිඳීමක් හෝ පිපිරීමක් නොමැති බව අද උදෑසන සිදුකළ එක්ස් රේ පරීක්ෂණයකින් තහවුරු වී ඇත.

    නමුත් ඔහු මෙම තරගයේ පිතිකරණයේ යෙදීම පිළිබඳ සැක සහිත බව කළමනාකරු ජෙරී වවුටර්ස් වැඩි දුරටත් සඳහන් කරයි.

    නැවත ලකුණු අතරට පැමණි කුසල් මෙන්ඩිස් ඉදිරි පෙළ පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය වනු ඇත.

    Mendis was hit on the right hand on day one of the wram up tie against CA XI

    Latest News