IPL අවසන් මහ තරගය අද රාත්‍රී 7.00ට

නොවැ 10, 2020

    2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (10) පැවැත්වේ.

    ඒ්, මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ දිල්ලි කැපිටපල්ස් කණ්ඩායම අතරයි. තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00ට.

    මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන් කණ්ඩායම පස්වැනි වරටත් IPL ශුරතාව සඳහා බලාපොරොත්තු ඇතිකර ගැනිමට සමත්ව ඇත. කණ්ඩායමේ නායකත්වය දරන්නේ රෝහිත් ෂර්මායි.

    ග්‍රියාස් අය්යර්ගේ නායකත්වයෙන් යුත් දිල්ලි කැපිටපල්ස් කණ්ඩායම IPL ශුරතාව දිනාගැනීමට සූදානම් වන්නේ පළමු වතාවටයි.

    Latest News