IPL‍; සන්රයිසස් හයිද්‍රාබාද් අවසන් පූර්ව තරගයට

නොවැ 07, 2020

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් අතර තරගයෙන්, ජයහිමි කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.

    තරගය ඊයේ (06) පැවැත්වුණේ අබුඩාබිහිදී. මුලින් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 131ක් රැස් කළේය. ඒ.බී. ඩිවිලියස් ලකුණු 56යි. ආරොන් ෆින්ච් ලකුණු 32යි. පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් ලකුණු 25කට කඩුලු 3ක් සහ ටී නටරාජන් ලකුණු 33කට කඩුලු 2ක් බිඳහෙලීය.

    පිළිතුරු ඉනිම ආරම්භ කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී තරගයේ ජය හිමිකර ගැනීමට සමත්විය. කේන් විලියම්සන් නොදැවී ලකුණු 50යි. මනීෂ් පාණ්ඩේ ලකුණු 24යි. පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් ලකුණු 28කට කඩුලු 2ක් දවාගත්තා. ජය හිමිකරගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ හෙට තරග වැඳීමට නියමිතයි.

    ඉන් ජයගන්නා කණ්ඩායම ලබන 10 වැනි දින පැවැත්වෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ අවසන් තරගයට සුදුසුකම් ලබයි.

    Latest News