කොල්කටා නයිට්රයිඩස් කණ්ඩායමට ලකුණු 59ක ජයක්

ඔක් 25, 2020

    ඉන්දීය ප්‍රීමියලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් කොල්කටා නයිට්රයිඩස් කණ්ඩායම ජය හිමිවිය.

    කොල්කටා නයිට්රයිඩස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග තරගය පැවැත්වුනේ අබුඩාබිහිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 194ක් රැස් කළේය. නීතිෂ් රාණා ලකුණු 81ක් ලබාගත් අතර සුනිල් නරෙන් ලකුණු 64යි.

    පිළිතුරු ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 135ක් පමණි. ශ්‍රෙයාස් ඉයර් ලකුණු 47යි. පන්දු යැවීමේදී වරුන් චක්‍රවර්ති කඩුලු 5ක්බිඳ හෙලීය.

    තරගයෙන් කොල්කටා නයිට්රයිඩස් කණ්ඩායම ජයගත්තේ ලකුණු 59කින්.

    Latest News