මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය

ඔක් 24, 2020

    ඉන්දීය ප්‍රීමියලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

    ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ සාජාහිදී. 


    පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 114ක් රැස් කළේය. සෑම් කුරන් ලකුණු 52යි. ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 18කට කඩුලු 4ක් බිඳ හෙලීය.

    පිළිතුරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 12යි පන්දු 2ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 116ක් රැස් කරමින්. ඉෂාන් කිෂාන් නොදැවී ලකුණු 68යි. පන්දු 37කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් ඇතුළත්. ක්වින්ට් ඩී කොක් නොදැවී ලකුණු 46යි.

    Latest News