IPL; සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායමට ජය

ඔක් 23, 2020

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් යන කණ්ඩායම් අතර පැවති තරගයෙන් ජය හිමිකර ගැනීමට සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සමත්විය.

    තරගය පැවැත්වුණේ ඩුබායිහිදී.

    මුලින් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 154ක් ලබාගත්තේය. සංජු සැම්සන් ලකුණු 36යි. එයට හතරේ පහර 03ක් සහ එක් හයේ පහරක් ඇතුලත්. බෙන්ස්ටොක් ලකුණු 30යි. එයට හතරේ පහර 2ක් ඇතුලත්.

    පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් ලකුනු 33ට කඩුලු 03ක් බිඳ හෙලීය. ඊට පිළිතුරු වශයෙන් පන්දුවාර 18යි එක් පන්දුවකදී සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සිය ජයග්‍රහණය වාර්තා කළේය.

    මනීෂ් පාණ්ඩේ නොදැවී ලකුණු 83යි. එයට හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් ඇතුලත්. විජය ශංකර් ලකුණු 52යි. එයට හතරේ පහර 06ක් ඇතුලත්. පන්දු යැවීමේදී ජොෆ් ආචාර් ලකුණු 21ට කඩුලු 2ක් බිඳ හෙලීය තරගයේ වීරයා මනීෂ් පාණ්ඩේ.

    Latest News