රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ජය

ඔක් 20, 2020

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයගත්තේය.

    ඒ චෙන්නියා සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, අබුඩාබිහිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නියා සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 125ක් රැස් කළේය. පිළිතුරු ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ, කඩුලු 3ක් දැවී ලකුණු 126ක් රැස් කරමින්.

    ජෝෂ් බට්ලර් නොදැවී ලකුණු 70යි. පන්දු 48කදී ගොඩ නැ ඟුණු එම ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර දෙකක් ඇතුළත්.

    Latest News