දෙවැනි සුපිරි පන්දු වාරයෙන් ජය කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමට

ඔක් 19, 2020

    මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර තරගය ඩුබායි හිදී පැවැත්විණ.

    පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 176ක් රැස් කළේය. ක්වින්ටන් ඩී කොක් ලකුණු 53යි.

    පිළිතුරු ලෙස කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම ද පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 176ක්.

    කේ.එල් රාහුල් ලකුණු 77යි. එම තරගයේ ද ජය පරාජය තීරණය කිරීමට සුපිරි පන්දු වාරයක් ලබා දුන්නේය. එම පන්දුවාරයේදී ද දෙපිලම ලකුණු 05 බැගින් රැස් කළේය.

    අනතුරුව තවත් සුපිරි පන්දු වාරයක් ලබාදුන් අතර, එහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 11ක් ලබාගත්තේය. කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 15ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

    Latest News