සුපිරි පන්දු වාරයේ ජය කොල්කටා නයිට්රයිඩර්ස්ට

ඔක් 19, 2020

    අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකක ජය පරාජය තීරණය කිරීමට සිදුවූයේ සුපිරි පන්දු වාරයක් ලබාදීමෙන්.

    ඊට හේතුව පන්දුවාර 20 අවසානයේ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීමයි.

    කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරගය පැවැත්වුනේ, අබුඩාබ්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.

    පිළිතුරු ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ද පන්දුවාර 20 අවසානයේ ලකුණු 163ක් රැස් කළේය. දෙපිලම සම ලකුණු ලැබීම හේතුවෙන් ජය පරාජය තීරණය කිරීමට සුපිරි පන්දු වාරයක් ලබාදුන්නේය. ඉන් ජය හිමිකර ගත්තේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමයි.

    Latest News