යුද හමුදා 20-20 ශුරතාව සදර්න් වොරියර්ස්ට

ඔක් 18, 2020

    යුද හමුදාපති අභියෝගතා කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනාගැනීමට සදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්විය.

    ඒ අවසන් තරගයේදී, නදර්න් වොරියර්ස් කණ්ඩායම පරාජය කරමින්.

    අවසන් තරගය ඊයේ පැවැත්වුණේ හොරණ දොඹගොඩ ක්‍රීඩාංගණයේ දී. ඒ සඳහා දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ සදර්න් වොරියස් කණ්ඩායමත්, සීකුගේ ප්‍රසන්න ප්‍රමුඛ නදර්න් වොරියර්ස් කණ්ඩායමත් සුදුසුකම් ලබා තිබිණ.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සදර්න් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 159ක් රැස් කළේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නදර්න් වොරියර්ස් කණ්ඩායමට පන්දුවාර 19කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 150ක් පමණි. ඒ අනුව තරගයේ දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ සදර්න් වොරියර්ස් කණ්ඩායම ලකුණු 9ක තියුණු ජයක් ලබාගත්තේය.

    Latest News