ක්‍රීඩාව දියුණු කිරීමත් සුභ සාධනයත් අපි කරනවා - නාමල් රාජපක්ෂ

ඔක් 18, 2020

    ඉදිරි ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග ජයග්‍රහණය කරන්න සැළසුම් කරල තියෙනව වගේම, ක්‍රීඩා අමාත්‍යංශයේ සුභසාධන කමිටුවක් පත්කරල ඇති බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඒ ලැබෙන නිර්දේශ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය පිළිබඳවත් ඉදිරියේදී සොයා බැලීමට නියමිතයි.

    මලල ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ක්‍රීඩා පාසැල් සංකල්පය යටතේ එවැනි පාසල් 10ක් තෝරාගෙන සින්තටික් ධාවන පථ ඉදි කිරීමටත්, නුවර, බෝගම්බර, කුරුණෑගල සහ ටොරින්ටන් වලත් එවැනි ධාවන පථ ඉදිකිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වේ.

    ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් තිබෙන ක්‍රීඩාංගන නඩත්තු කර පවත්වාගෙන යෑමටත් ඉදිරියේදී වැඩපිළිවෙලක් සකස්කරන බව, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ අදහස් පල කලේ පදක්කම් ලාභී මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි ක්‍රීඩිකාවගේ සූරියවැව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසේ තත්වය පිළිබඳ නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීය.

    Last modified on ඉරිදා, 18 ඔක්තෝබර් 2020 12:52

    Latest News