රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ජය

ඔක් 13, 2020

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කල්කටා නයිට්රයිඩර් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ජය හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

    තරගය පැවැත්වුණේ, සාජා හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 02ක් දැවී ලකුණු 194ක් රැස් කළේය.

    ඒ බී ඩිවිලියස් නොදැවී ලකුණු 73ක් ලබාගැනිමට සමත්විය. පන්දු 33කදී ගොඩනගන ලද ඔහුගේ ඉනිමට 04 පහර 05ක් සහ 06 පහර 06ක් ඇතුළත්.

    ඒරන් ෆින්ච් ලකුණු 47යි. පිළිතුරු ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 112ක් පමණි. සුබ්මන් ගිල් ලකුණු 34යි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරගයෙන් ලකුණු 82ක ජයක් හිමිකර ගත්තේය.

    Latest News