තිසර සහ දිනේෂ් යුද හමුදාවේ මේජර් නිලයට

ඔක් 10, 2020

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන, තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් යුද හමුදාවේ මේජර් නිලයට උසස් කර තිබේ.

    ඊට අදාළ ලාංඡන පැළඳවීම සිදු කෙරුණේ, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. යුද හමුදා ස්වේච්ජා බල සේනාව යටතේ, තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුවත්, දිනේෂ් චන්දිමාල් යුද්ධෝපකරණ බලකායත් නියෝජනය කරමින් යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට දායකත්වය ලබා දේ. යුද හමුදාවේ 71 වැනි සංවත්සරයට සමගාමීව මෙය සිදු කෙරේ.

    Latest News