IPL 20-20 පළමු ජය චෙන්නායි සුපර් කිංග්ස්ට

සැප් 20, 2020

    ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

    ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්. මෙවර IPL තරගාවලිය පැවැත්වෙන්නේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී. පළමු තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලබාදුන්නේය.

    ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 162ක්. සුරාබ් තිවාරි ලකුණු 42ක් රැස් කළ අතර, ක්වින්ටන් ඩී කොක් ලකුණු 33යි. පන්දු යැවීමේ දී ලුංග් එන්ඩිනි කඩුලු 3ක් බිඳ හෙලූහ.

    චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා හිමිවු ඉලක්කය ලකුණු 163ක්. ඔවුන් පන්දුවාර 19යි, පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 166ක් රැස්කරමින් ජයග්‍රාහී සීමාව පසු කළේය. අම්බති අයුදු ලකුණු 71යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත්. ෆාෆ් ඩු ප්ලේසිස් ලකුණු 58ක් රැස් කළේය. තරගයෙන් චෙන්නියා සුපර් කිංග්ස් කණ්ඩායම ජයගත්තේ කඩුලු 5කින්.

    Latest News