අයි.පී.එල් තරගාවලිය අද ඇරඹේ

සැප් 19, 2020

    2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද ආරම්භ වෙයි.

    මෙම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර අවස්ථා කිහිපයකදි කල්දැමුණේ කොරෝනා වෛරසය එරට තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත විම හේතුවෙන්.

    ඒ අනූව නරඹන්නන්ගෙන් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙවර අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

    දින 52ක් පුරා පැවැත්වෙන මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්විමට නියමිතයි. එම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.30ට ආරම්භ වෙයි.

    මෙවර තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ශූරයින් වන රෝහිත් ෂර්මා නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පසුගියවර අනුශූරයින් වූ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අබුඩාබි හිදි අද තරග වැදීමට නියමිතයි.

    Latest News