ටෙනිස් ශුරතාව නඕමි ඔසාකාට

සැප් 13, 2020

    ජපාන ක්‍රීඩිකා නඕමි ඔසාකා අමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් ශුරතාව දිනා ගත්තාය.

    මෙය ඇගේ දෙවැනි අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාව මෙන්ම තුන්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ජයග්‍රහණයයි. ලොව අංක 04 ස්ථානයේ සිටින ටෙනිස් ක්‍රීඩිකාව වන 22 හැවිරිදි නඕමි ඔසාකා අවසන් තරගයේදී බෙලරුස් රාජ්‍යයේ 31 හැවිරිදි වික්ටෝරියා අසරෙන්කා පරාජයට පත් කළේ 1-6ක්, 6-3ක් සහ 6-3ක් ලෙසයි. හයිට් පියෙකුට සහ ජපාන මවකට දාව ජපානයේ ටෝකියෝ නුවර ඉපිද අමෙරිකාවේ හැඳී වැඩුණු නඕමි ඔසාකා ජාත්‍යන්තර කාන්තා ටෙනිස් පිටියේ නව තාරකාවක් ලෙස හැඳින්වූවාය.

    Latest News