කැරබියන් ප්‍රිමියලීග් ශුරතාව, ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට

සැප් 11, 2020

    කැරබියන් ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

    අවසන් තරගය ඊයේ පැවැත්විණ. ඒ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත ලුසියා ස්සූක් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 154ක් රැස් කළේය. ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 39යි. පන්දු යැවීමේදී කිරන් පොලාඩ් කඩුලු 4ක් බිඳ හෙලීය. ලකුණු 155ක ඉලක්කයක් හඹා ගිය ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 8ක් අතැතිව තරගයේ ජය හිමිකර ගැනීමට සමත්විය. ලිඩ්ල් සිමන්ස් නොදැවී ලකුණු 84යි. ඩැරන් බ්‍රාවෝ නොදැවී ලකුණු 58යි.

    ඒ අනුව 2020 කැරිබියන් ප්‍රිමියලීග් ශුරතාව හිමිකර ගැනීමට ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට හැකිවිය.

    Latest News