සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ශුරතාව, කොළඹ පාපන්දු කණ්ඩායමට

සැප් 03, 2020

    සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට කොළඹ පාපන්දු කණ්ඩායම සමත්විය.

    ඒ, අවසන් තරගයේදී ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් කණ්ඩායම පරාජය කරමින්. අවසන් තරගය ඊයේ පැවැත්විණ. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමු අර්ධයේ දී කොළඹ පාපන්දු කණ්ඩායම එක් ගෝලයක් වාර්තා කළේය. ප්‍රතිවාදී ගුවන් හමුදා කණ්ඩායමට එම අර්ධයේ දී ගෝල වාර්තා කිරීමට නොහැකි විය. දෙවැනි අර්ධයේ දී කොළඹ පාපන්දු කණ්ඩායම තවත් ගෝල තුනක් රැස් කළේය. තරගය අවසන් වනතෙක් ගුවන් හමුදා බ්ලූ ඊගල්ස් කණ්ඩායම ගෝල වාර්තා කිරීමට අසමත් විය. ඒ අනුව, ගෝල 4-0ක් ලෙස තරගය ජය ගත් කොළඹ පාපන්දු කණ්ඩායම තරගාවලියේ ශුරතාව දිනා ගත්තේය.

    අවසන් තරගයේ දක්‍ෂතම ක්‍රීඩකයා කොළඹ පාපන්දු කණ්ඩායමේ මොහොමඩ් ෆසාල්. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තරගාවලිය සංවිධාන කළේය.

    Latest News