ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියට දින නියම කෙරේ

ජූලි 24, 2020

    ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා දින නියම කර තිබේ.

    ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත. තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව ඇති අතර, ඊට අවසර ඉල්ලා ඉන්දීය ක්‍රිකට් ආයතනය එරට රජයෙන් ඉල්ලීමක් කර තිබිණ.

    ඊට සුබවාදී ප්‍රතිචාර ලැබී ඇති බව අයි.පී.එල්. තරගාවලි සංවිධායකයින් සඳහන් කර ඇත. තරගාවලියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මීළඟ රැස්වීමේදී තීරණ රැසක් ගැනීමට නියමිතයි.

    Latest News