ICC 20 - 20 ලෝක කුසලාන තරගාවලිය වසරකින් කල්යයි

ජූලි 21, 2020

    ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබු ICC 20 - 20 ලෝක කුසලාන තරඟාවලිය අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

    ඒ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් - 19 වසංගතය හේතුවෙන්.

    වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඉදිරියේදී ICC ක්‍රිකට් ශුරතා තරඟාවලියන් පැවැත්වීමේ දින වකවානු සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇත.

    ඒ අනුව ICC 20 - 20 පිරිමි ලෝක කුසලාන තරගාවලිය 2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමටත්, එහි අවසන් තරඟය නොවැම්බර් 14 වැනි දින පැවැත්වීමටත් සැළසුම් කර තිබේ.

    ICC 20 - 20 පිරිමි ලෝක කුසලාන තරගාවලිය 2022 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට සහ අවසන් තරඟය නොවැම්බර් 13 වැනි දින පැවැත්වීමටත් සැළසුම් කර ඇත.

    ICC ලෝක කුසලාන පිරිමි ක්‍රිකට් ශුරතාවලිය 2023 වර්ෂයේදී ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේදී ඇරඹීමට නියමිත අතර, අවසන් තරඟය නොවැම්බර් 26 වැනි දින පැවැත්වීමට සැළසුම් කර තිබේ.

    Latest News