කොදෙව් පිල පළමු ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 32යි.

ජූලි 18, 2020

    බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

    ඊයේ දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 32ක් ලබා සිටියේය. තරගය පැවැත්වෙන්නේ මැන්චෙස්ටර්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 09ක් දැවී ලකුණු 469ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබීය.

    වැඩිම ලකුණු ලාභියා වූ බෙන් ස්ටොක්ස් ලබාගත් ලකුණු සංඛ්‍යාව 176ක්. ඩොම් සිබ්ලි ලකුණු 120යි. පන්දු යැවීමේදී රොස්ටන් චේස් කඩුලු 05ක් බිඳ හෙලීමට සමත්විය.

    Latest News