ඔස්ට්‍රේලියාව - ටෙස්ට්, 20-20 පෙරමුණට

මැයි 05, 2020

    ජගත් ක්‍රිකට් කවුන්සිලය, නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් සහ 20-20 අංශවලින් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබේ.

    මෙතෙක් ටෙස්ට් වර්ගීකරණයෙහි පෙරමුණේ පසුවුණේ ඉන්දියාවයි. ඒ අනුව 2016 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු ඉන්දියාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ අහිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

    ශ්‍රී ලංකාව, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ, පස්වන ස්ථානයේ. පකිස්තානය වසර 02කට අධික කාලයක් 20-20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමිකර ගෙන සිටියේය. ඔවුන්ට මෙවර එම ස්ථානය අහිමි විය. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන්නේ, ලෝක ශූර එංගලන්ත කණ්ඩායමයි.

    Latest News