කොරෝනා අතරේ ක්‍රීඩකයන් නිවසේදීම පුහුණුවීම්

අප්‍රේ 21, 2020

    යුරෝපා රටවල් අතරින් කොරෝනා වෛරසය මුල් අදියරේ දී ව්‍යාප්ත වූ ප්‍රධානම රට වන්නේ ඉතාලියයි. ඉතාලි වැසියන් ඉන් දැඩි ලෙස පීඩා විඳියි.

    එමෙන්ම, යුරෝපයේ අතිශය ජනප්‍රිය ක්‍රීඩා සමාජ හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතාලියේ ජීවත් වෙයි. මේ ඉතාලියේ වෙරෝනා නගරය ආශ්‍රිතව ජීවත්වන එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමූහයක්. ඔවුන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ තම නිවස,ගෙවත්ත ඇසුරෙන් පුහුණුවීම් කරන ආකාරය බෙදා හදාගෙන තිබිණ. එහිදී විශේෂත්වය වන්නේ ඒ සඳහා ඇති කැපවීම, ව්‍යායාම් කරන ආකාරය, සීමිත ඉඩකඩ පරිහරණය කරන අයුරු වැනි කරුණු සළකා ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථානය ද තේරීමයි.

    මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර යුරෝපා මෙන්ම අන්තර්ජාතික තලයේ දක්ෂතා දක්වන පුද්ගලයන් ද සිටියි. එම ක්‍රීඩකයන් පවසන්නේ, නිවසේ සිට ව්‍යායාම් කරන ලොව සියලු පුරවැසියන්ට ආදර්ශයක් ලබා දීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 10:07

    Latest News