2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතාවලියත් කෙරෝනා ගිල ගනී

අප්‍රේ 08, 2020

    එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල්දැමීමට තීරණය කර තිබේ.

    ඒ ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන්.

    කාන්තා යුරෝපී පාපන්දු ශූරතා තරගාවලිය 2021 වසරේ ජුලි මස 11 වැනිදා සිට අගෝස්තු මස පළමු වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

    කෙසේ වෙතත් ඩෙන්මාර්කයේ පාපන්දු සංගමය රටවල් කිහිපයක් සමඟින් සිදුකළ විඩියෝ සාකච්ඡා මගින් තීරණය කර ඇත්තේ, මෙවර කාන්තා යුරෝපීය පාපන්දු ශූරතාවලිය වසරකින් කල් දැමීමටයි.

     

    Latest News