බෙලරුස් රාජ්‍යය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය පවත්වයි

මාර් 31, 2020

    ලොවට බලපා ඇති “කොවිඩ් 19“ රෝගය හේතුවෙන් සියලු රටවල් සංවිධාන කළ ක්‍රීඩා ඉසව් අවලංගු කර තිබේ.

    එහෙත්, බෙලරුස් රාජ්‍යය එරට පැවැත්වෙන ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇත. බෙලරුස් ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය ලොව ජනප්‍රිය තරගාවලියක් වන්නේ නැහැ. බෙලරුසයේ ජනාධිපති ඇලෙක්ස්සැන්ඩර් ලුකර්ෂෙන්තෝ ප්‍රකාශ කළේ, සියලු ක්‍රීඩා ඉසව් සාමාන්‍ය පරිදි පවත්වන ලෙසයි.

    මේ වනවිට බෙලරුස් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් සිය දෙනෙකු වාර්තා වී තිබුණත්, කිසිදු මරණයක් වාර්තා වී නොමැත. බෙලරුස් රාජ්‍යයේ ක්‍රීඩා බලධාරීන් පවසා ඇත්තේ, සියලු තරඟ සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක උපදෙස්වලට යටත්ව සංවිධාන කර ඇති බවයි.

    Latest News