“2020 ඉන්දීය ප්‍රිමියර්ලීග්“ අවලංගු කිරීමේ අවදානමක්

මාර් 26, 2020

    “2020 ඉන්දීය ප්‍රිමියර්ලීග්“ ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමේ අවදානමක් උද්ගත වී තිබෙන බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 29 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් අප්‍රේල් 15 වැනිදාට තරගාවලිය කල් දැමිණ. එහෙත්, ඉන්දීය රජය දින 21ක කාලයක් සමස්ත ඉන්දියාව වසා දැමීමට තීරණය කිරිමත් සමඟ එය ආරම්භ කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සව්රව් ගංගුලි මාධ්‍යයට පවසා තිබුණේ, ඒ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවයි. මේ අතර, පසුගියදා ඉන්දීය ප්‍රිමියර්ලීග් කණ්ඩායම් හිමිකරුවන් අතර පැවැත්වීමට නියමිතව තිබූ දුරකතන සංවාදය ද කොරෝනා වෛරසය හේතුවෙන් අවලංගු කිරීමට තීරණය කෙරුණ.

    Latest News