2020 ඔලිම්පික් කල් යයි

මාර් 24, 2020

    2020 ඔලිම්පික් උළෙල ලබන වසර දක්වා කල් දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

    එය ජපානයේ ටෝකියෝ නුවරදී ලබන ජූලි 24 වනදා ආරම්භ වීමට නියමිතව තිබිණි.

    නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙලට මහා බි‍්‍රතාන්‍යය සහභාගී නොවන බව ද එරට ඔලිම්පික් සංගමය දැනුම් දී තිබේ. එමෙන්ම මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බව ඕස්ටේ‍්‍රලියාව සහ කැනඩාවද මීට පෙර දැනුම් දී තිබිණ.

    අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සාමාජික ඩික් පවුන්ඩ් ප‍්‍රකාශ කර ඇත්තේ, ඔලිම්පික් උළෙල පැවැත්වෙන දිනයක් ස්ථිරව ප‍්‍රකාශ කළ නොහැකි වුවද එය එළඹෙන ජූලි 24 වනදා නොපැවැත්වෙන බව ස්ථිරව කිව හැකි බවයි.

    වසර 124 ක ඔලිම්පික් ඉතිහාසය තුළ ඔලිම්පික් උළෙලක් කල් දැමූ පළමු අවස්ථාව ද මෙය වේ.

    Latest News