icc

හොඳ මානසික මට්ටමක් තියෙනවා කණ්ඩායමේ; දිමුත් කරුණාරත්න

මාර් 12, 2020

    එංගලන්තය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායමක් ලෙස මනා සූදානමකින් පසුවන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

    තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිලිබඳ අදහස් පළ කළේය. මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, එංගලන්ත නායක ජෝ රූට් ඇතුළු පිරිසක් එක්වූහ. පළමු තරගය ලබන 19 වැනි දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. දෙවැනි තරගය ලබන 27 වැනි දින කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

    එහිදී අදහස් දැක්වූ දිමුත් කරුණාරත්න....

    “හොඳ මානසික මට්ටමක් තියෙනවා කණ්ඩායමේ. සිම්බාබ්බේ තරගාවලියත් අපි හොඳට කළා. අපිට හොඳ තරගාවලියක් හමුවුණා. එංගලන්තය කියන්නේ හොඳ කණ්ඩායමක්. ඉතා හොඳින් තණතීරුවල ක්‍රීඩාකරන කණ්ඩායමක්. බලාපොරොත්තු වෙනවා කණ්ඩායමක් විධියට හොඳින් සෙල්ලම් කරන්න. ලොකු වෙනසක් නැහැ කණ්ඩායමේ. බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායමත් එක්ක හොඳින් සෙල්ලම් කරන්න“ යැයි දිමුත් කරුණාරත්න පැවසීය.

    Latest News