20 - 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

මාර් 07, 2020

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත විස්ස තරගාවලිය තරග 2ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණි.

    ඒ දෙරට අතර පැවැති දෙවන විස්සයි විස්ස තරගයත් කඩුලු 7කින් ජය ගනිමින්.

    තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළ අතර, ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කය හඹාගියා කොදෙව් කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු 3ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

    Latest News