ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි දින ප්‍රථම ස්ථානය දර්ශන ප්‍රසාද්ට

මාර් 06, 2020

    ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි අදියර මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා අද ක්‍රියාත්මක වුණා.

    අද තරගයේ සමස්ත දුර කිලෝ මීටර 199.05ක්. තරගයේ දෙවැනි දිනය වූ අද ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ සුපර් වීල් කණ්ඩායමේ දර්ශන ප්‍රසාද්. දෙවැනි ස්ථානය චාමික සඳුන් කුමාර හිමිකර ගත්තා. තෙවැනි ස්ථානය හිමිවුනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අවිශ්ක මදෝන්සටයි. හෙට තරගයේ තෙවන සහ අවසන් දිනයයි. තරගය ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුරය දක්වා හෙට ගමන් කිරීමට නියමිතයි.

    තරගය ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.

    Latest News