ලෝක කුසලාන 20-20 කාන්තා; ශ්‍රී ලංකා පළමු තරයට හෙට

පෙබ 21, 2020

    ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරයට හෙට පැවැත්වේ.

    ඒ, නවසීලන්තය සමඟයි. තරගයට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද අවසන් පුහුණු සැසියට සහභාගි වූවාය. ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ දී අද ආරම්භ කෙරිණ. එය මාර්තු මස 8 තෙක් පැවැත්වේ. කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ මූලික තරග සංවිධාන කර ඇත්තේ ඒ සහ බී කාණ්ඩ දෙකක් යටතේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරග වඳින්නේ, ඒ කාණ්ඩයෙන්. ඊට ඇතුලත් සෙසු කණ්ඩායම් වන්නේ, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ බංග්ලාදේශයයි. එංගලන්තය බී කාණ්ඩයට ඇතුළත්. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය හෙට පැවැත්වේ. ඒ පර්ත්හි වකා ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, චමරී අතපත්තු විසින්.

    Last modified on සිකුරාදා, 21 පෙබරවාරි 2020 18:11

    Latest News