ජනසතු සේවා දැල්පන්දු තරගාවලිය; රූපවාහිනි පිල 12-1 ජයක්

පෙබ 18, 2020

    ජනසතු සේවා දැල්පන්දු තරගාවලියේ දෙවැනි දිනය අදයි.

    තරගාවලිය පැවැත්වෙන්නේ, ගම්පහ සුමේද විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී. මෙවර තරගාවලියට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කණ්ඩායම ඇතුළු රාජ්‍ය ආයතන 50ක කණ්ඩායම් එක්ව සිටිනවා. තරගාවලිය පැවැත්වෙන්නේ කාණ්ඩ 4ක් යටතේ. අද පැවැත්වුනේ, පිළිමලුන් පිටුදැකීමේ අංශය යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කණ්ඩායම හා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කණ්ඩායම අතර තරගයයි. ඉන් 12-1ක් ලෙස රූපවාහිනී සංස්ථාව එම කාණ්ඩයේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. රාජ්‍ය ආයතන අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණෙන් තරගාවලිය වාර්ෂිකව සංවිධාන කෙරෙනවා. එහි අවසන් දිනය හෙටයි.

    Latest News