එංගලන්ත කණ්ඩායමට ලකුණු 2ක තියුණු ජයක්

පෙබ 15, 2020

    දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවැනි පන්දුවාර 20-20 තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් හිමිකර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

    තරගය පැවැත්වුණේ ඩර්බන්හිදී. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබාදුන්නා. එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 204ක් ලබාගත්තේය. බෙන් ස්කොඩ් නොදැවී ලකුණු 47ක් සහ මොයින් ලකුණු 39ක් රැස් කිරීමට සමත්වූහ. පන්දු යැවීමේදී ලුන්ගි එන්ගිඩ් කඩුලු 3ක් දවා ගැනිමට සමත්විය.

    පිළිතුරු ඉනිමේදී දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 202ක් පමණි. නායක ක්වින්ටන් ඩී කොක් ලකුණු 65යි. එයට හයේ පහර 8ක් ඇතුලත්. ඔහු සිය අර්ධ ශතකය පන්දු 17කදී ලබාගත් අතර, එය දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිතිකරුවෙක් රැස් කළ වේගවත්ම 20-20 අර්ධ ශතකයයි. රසී වැන්ඩර් නොදැවී ලකුණු 43යි. ඒ අනුව දෙරට අතර තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවේ.

    Latest News