ලෝක 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට රවිඳු රෂාන්ත

පෙබ 11, 2020

    වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ලෝක 19න් පහළ කණ්ඩායම නම් කර තිබේ.

    ඊට ශ්‍රී ලංකා ක්‍රීඩක රවිඳු රෂාන්ත ද ඇතුළත්. ලෝක 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින්. කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ, බංග්ලාදේශයේ අක්බාර් අලී. ඇෆ්ගනිස්තානයේ ඊබ්‍රහිම් සාඩ්‍රන්, ශ්‍රී ලංකාවේ රවිඳු රෂාන්ත, බංග්ලාදේශ ක්‍රීඩකයින් වන මහමුදුල් හසන්, ෂහදාත් හොසොන්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නයීම් යන්ග්, ඇෆ්ගනිස්තානයේ සෆියුල්ලා ගෆාරි, ඉන්දීය ක්‍රීඩකයින් වන රවී බිෂ්නෝයි, කාතීක් යාගී සහ කොදෙව් ක්‍රීඩක ජේඩින් සීල්ස් ද කණ්ඩායමට ඇතුලත්.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 17:49

    Latest News