ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනී

පෙබ 01, 2020

    ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.

    තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ සිම්බාබ්වේ හරාරේහිදී. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 406ක් රැස් කළා. දෙවන ඉනිමට සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 247ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා ලකුණු 293ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 361ක ඉලක්කයක් හිමිවුණා. කෙසේ වෙතත් තරගය නිමා වුණේ, ජය පරාජයෙන් තොරවයි. කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ හත්වන ශතකය වාර්තා කළා.

    Latest News